welcome To Dage-Canada Immigration Inc.

Viber/ WhatsApp/ BOTIM

+94 71 952 8108

Contact Us

Business Phone
Contact time

EST Mon-Sat: 9.00-18.00

කැනඩාවේ (Study Permit) බලපත්‍රයක් ලබා ගැනීම

July 12, 2020BY Blog

කැනඩාවේ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගැනීමට (කැනේඩියානු අධ්‍යයන බලපත්‍රයක් ලෙසද හැඳින්වේ) විදේශිකයන්ට බොහෝ අවස්ථාවන් ලබා දෙන අතර බොහෝ පුද්ගලයින් ඔවුන්ගේ අධ්‍යයන කාලය තුළදී හෝ අවසන් වන විට කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමට දොරටු විවෘත වී ඇත. මේ නිසා ස්ථිර පදිංචිය සඳහා ඍජුව ඉල්ලීම් කිරීමට නොහැකි වැඩි පිරිසක් අධ්‍යන කටයුතු සඳහා කැනඩාවට පැමිණ ඉන් පසුව ස්ථිර පදිංචිය සඳහා අයදුම් කරනු ලැබේ. මේ වන විට ලක්ෂ 7කට වඩා වැඩි විදේශීය සිසුන් පිරිසක් කැනඩාවේ අධ්‍යාපන ලබමින් සිටි. ඔවුන් පැමිණි රටවල් පහත අයුරින් වේ.

Chart of Countries Immigration

බහුතරයක් විදේශීය සිසුන්ට කැනඩාවේ අධ්‍යාපන ආයතනවලට සහභාගී වීමට කැනඩා ශිෂ්‍ය වීසා බලපත්‍රයක් (Study Permit) අවශ්‍ය වේ. පහත දැක්වෙන් අයුරින් කැනේඩියානු පාසල් පද්ධතිය ප්‍රධාන කොටස් තුනකි. එනම් ප්‍රාථමික පාසල – Primary (KG-5) ද්විතීයික පාසල- Secondary (6-8) සහ උසස් පාසල – High School (9-12) ලෙස හැඳින්වේ. පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා colleges සහ universities යනුවෙන් ප්‍රධාන අධ්‍යාපන ආයතන කොටස් 2කි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුල ප්‍රධාන වශයෙන් න්‍යායන් (Theory) පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයක් ඇති අතර විද්‍යාල තුල ඇත්තේ ප්‍රයෝගික (Application) දැනුම පදනම් කරගත් අධ්‍යාපන ක්‍රමයකි. එමෙන්ම මෙම ආයතන සඳහා ඇතුලත් වීමේ සුදුසුකම් වල අවශ්‍යතාවය එකිනෙකට වෙනස් වේ. උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් විද්‍යාලයක අධ්‍යාපනය සඳහා අවම වශයෙන් IELTS 6ක් අවශ්‍ය වන අතර විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට IELTS 7ක් හෝ පශ්චාත් උපාධියක් හැදෑරීමට IELTS 7ත් 7.5ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ. එමෙන්ම මෙම පාධමාලා සඳහා අවශ්‍ය වන පධාමල ගාස්තුද විශාල වශයෙන් වෙනස් වේ. මේ නිසා හැකි සැම විටම තමන්ට සුදුසු පාඨමාලවක් තෝරාගැනීමේදී කැනේඩියානු අධ්‍යාපන ක්‍රමය පිලිබඳ ප්‍රයෝගික අත්දැකීම් ඇති වෘත්තීය career counselor කෙනෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍යය. එමෙන්ම ඔබ අධ්‍යාපනය ලැබීමෙන් පසු කැනඩාවේ පුරවැසිභාවය ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් අධ්‍යාපන පාඨමාලවක් තෝරාගන්නා අවස්ථාවේදීම කැනඩාවේ ආගමන පද්ධතිය පිළිබඳව වෘත්තීය සුදුසුකම් සහිත බලපත්‍රලාභී Immigration Consultant කෙනෙකුගෙන් උපදෙස් ලබා ගැනීමෙන් ඔබගේ කැනඩා පුරවැසිභාවය පිලිබඳ සිහිනය වඩාත් ඉක්මනට සහ අඩු වියදමකින් සම්පුර්ණ කර ගත හැකිවනු ඇත.

විදේශීය සිසුන්ට තෝරා ගැනීම සඳහා කැනේඩියානු විද්‍යාල සහ විශ්ව විද්‍යාල රාශියක් ඇත. පළාත් ආණ්ඩු විසින් ඔවුන්ගේ පළාත් තුළ අධ්‍යාපනය නියාමනය කිරීම අධීක්ෂණය කරනු ලැබේ. මෙයින් අදහස් කරන්නේ විවිධ පළාත්වල පාසල්වලට විවිධ ප්‍රවේශ අවශ්‍යතා තිබිය හැකි බවයි.
ෆෙඩරල් රජය විසින් ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපනය සඳහා මෙම ආයතන හඳුනාගැනීමේ ක්‍රමයක් මෑතකදී හඳුන්වා දී ඇත. එසේ ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපනය ලැබීමට සුදුසුයැයි නම් කර ඇති අධ්‍යාපන ආයතනවල සම්පූර්ණ ලැයිස්තුව(DLI) https://www.canada.ca/en/immigration-refugees-citizenship.html වෙබ් අඩවියෙන් සොයාගත හැකිය.

කෙසේ නමුත් අප මතක තබා ගත යුතු කරුණක් වන්නේ තම දරුවන් පාසල් අධ්‍යාපනය සඳහා කැනඩාවේ අධ්‍යාපන ආයතනයකට ඇතුලත් කිමිමෙන් දෙමාපියන් සඳහා work permit හෝ PR ලබා ගැනීමේ අවස්ථාවක් නැති බවයි.

නමුත් යම් අවස්ථාවකදී විවාහක දරුවන් සිටින දෙමාපියන් සඳහා study permit ලැබී ඇත්නම් ඔවුනගේ දරුවන් හට කැනඩාවේදී අධ්‍යාපනය ලැබිය හැක. (දෙමාපියන්ගේ අධ්‍යන කාලය සහ සේවා කාලය තුල පමණි)

කැනඩාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන් සඳහා විශේෂ රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක වේ. ඉන් සමහරක් අයදුම්කරු කැනඩාවට ඇතුළත් වී දිගටම අධ්‍යාපනය ලැබිය යුතුය. කැනඩාවේ තම අධ්‍යයන කටයුතු කරගෙන යාමට අදහස් කරන බව හුදෙක් පෙන්වනවා වෙනුවට, අයදුම්කරුවන් තමන් කැනඩාවේ සිය අධ්‍යයන කටයුතු සක්‍රියව කරගෙන යන බව පෙන්නුම් කළ යුතුය. අධ්‍යයන අවසර පත්‍ර නිකුත් කරනු ලබන්නේ ජාත්‍යන්තර සිසුන් ලැබීමට නම් කර ඇති අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන සිසුන්ට පමණි.

අධ්‍යයන බලපත්‍රයක් සහිත සිසුන්ට අධ්‍යයන සැසිය තුළ සතියකට පැය 20 ක් සහ නිවාඩු කාලයන්හිදී පූර්ණ කාලීනව වැඩ කිරීමට ස්වයංක්‍රීයව අවසර දෙනු ලැබේ. අධ්‍යයන අවසර පත්‍ර දරන්නා අවම වශයෙන් මාස හයක අධ්‍යයන, වෘත්තීය හෝ වෘත්තීය පුහුණුවක නිරත විය යුතු අතර එමඟින් නම් කරන ලද ආයතනයක උපාධියක්, ඩිප්ලෝමාවක් හෝ සහතිකයක් ලැබෙනු ඇත.

කැනඩාවට visitor visa වලින් පැමිණෙන අයවලුන්ට අධ්‍යන බලපත්‍රයක් ලබා ගැනීම ඇති දුෂ්කර කාර්යයක් වන අතර ඔබත් එසේ බලාපොරොත්තු වන්නේ නම් ඒ පිළිබඳව බලපත්‍රලාභී Licensed Immigration Consultant කෙනෙකුගෙන් විමසා තහවුරු කර ගැනීම වඩාත් යෝගය වේ. නමුත් කැනඩාව තුල ඇති ප්‍රාථමික හෝ ද්විතියික මට්ටමේ පාසලක විද්‍යාලයක හෝ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබයිනම් ඔවුනට කැනඩාව තුල සිට නැවත අධ්‍යන බලපත්‍රයක් ලබා ගැනීම පහසුය.

අධ්‍යයන කටයුතු අවසන් වී දින 90 කට පසු, විදේශීය ජාතිකයාට වලංගු වැඩ බලපත්‍රයක් හෝ කැනඩාවේ රැඳී සිටීමට වෙනත් අවසරයක් නොමැති නම් අධ්‍යයන අවසරය අවලංගු වේ. එමෙන්ම අධ්‍යන කටයුතුවලින් පසු PGWP අයදුම් කර ඇති අයවලුන් සඳහා එම බලපත්‍රය ලැබෙනතුරු කැනඩාවේ පුර්ණ කාලීනව රැකියා කිරීමට ද අවසර ඇත.
එමෙන්ම මාස 6කට වඩා අඩු කාලයක පාඨමාලවක් සඳහා study permit බලපත්‍රයක් අවශ්‍ය නොවේ.
කැනඩාව තුල විශාල ජාත්‍යන්තර සිසුන් පිරිසක් අධ්‍යාපනය ලැබුවද ශ්‍රී ලංකාව වැනි රටවලින් ඉදිරිපත් වන බොහෝ අධ්‍යාපන ඉල්ලුම්පත් (Visa Applications) නිෂ්ප්‍රභා වනුයේ ඇතැම් වංචනික පුද්ගලයින් විසින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර කැනඩාවට පැමිණ විශාල වශයෙන් සරණාගත අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇති බැවිනි. එසේ සරණාගත අයදුම්පත්‍ර ඉදිරිපත් කරන අවස්ථාවලදී කැනඩා රජය විසින් ඔවුන් ප්‍රථමයෙන්ම කැනඩාවට පැමිණි ආකාරය හොදින් පරික්ෂා කර බලයි. ඒ සඳහා ඉදිරිපත් කර ඇති සියලු අසත්‍ය වාර්තා සොයාගෙන ඉදිරියේදී එවැනි වංචනික කටයුතු වලින් කැනඩාවට පැමිණීමට ඇති අවස්ථාව අසුරුණු ලබයි. අවාසනාවකට මෙන් මේ හේතුව නිසා අවංකව තම සත්‍ය වාර්තා ඉදිරිපත් කර කැනඩාවට පැමිණෙන අයවලුන් සඳහා ද වීසා බලපත්‍ර ලබා ගැනීම දුෂ්කර වී ඇත. ඔබට වැඩි විස්තර සඳහා contact@dageimmigration.ca or www.dageimmigration.ca සමඟ සම්බන්ධ විය හැකිය.